From now on, I choose to “be happy.”

Nayanathara
4 min readNov 8, 2023

--

අද මට හරිම විශේෂ දවසක්. අවුරුදු ගණනාවකට පස්සේ (සමහරවිට මේ මුළු ජීවිත කාලේ පුරාම) මම පිරිසක් ඉදිරියේ පළවෙනි වතාවට “I am in a really happy place of my life,” කියලා කිව්වා. නිකං නෙවෙයි, මුළු හදවතින්ම.

ජීවිතේ සතුටින් ඉන්නවා කියන්නේ අපි කරන තෝරා ගැනීමක් කියන එක තේරුම් යන්න මට අවුරුදු විසි නවයක් ගත වුණා. හැබැයි එච්චර කාලයක් ගත වුණු එක ගැන කණගාටු වෙනවට වඩා මට අද තියෙන්නේ ඒ ගැන පුදුමාකාර සතුටක්.

මම ජීවිතේ පටන් ගත්තේ ම ටිකක් වෙනස් මනුස්සයෙක් විදිහට. ගොඩක් අවස්ථා වලදී මට දැනුනේ මම කොහෙත්ම ගැලපෙන්නේ නැති කෙනෙක් වගේ. වේලාව, තැන මොකද්ද අදාලම නෑ. ඉතින් ඒ පිටිපස්සෙන් ආවේ දරාගන්න බැරි කලකිරීම්. මේවා පොඩ්ඩ පොඩ්ඩ එකතු වෙලා එකතු වෙලා අන්තිමට මම කොයි වෙලාවෙත් මොකක් හරි දෙයක් නිසා අවුලකින් ඉන්න තැනකට ආවා. අවස්ථා ගණනාවකදී දරුණු විදිහට නොවුණත් විශාදයෙන් පෙළුණු බව කියන්න පුළුවන්.

ඒ නිසාම වෙන්න ඇති මම හැම වෙලාවකම මගේ වටේ ඉන්න අයට, අවස්ථාවේ හැටියට මට පුළුවන් උපරිමයෙන් උදව් කරන්න උත්සාහ කළේ. ඒකේ මමත් නොදන්නා යටි අරමුණ වෙන්න ඇත්තේ කොතනකින් හරි පිළිගැනීමක් ලබන එක. සමහර මිනිස්සුන්ගේ සහකම්පනය කියන එක හැදෙන්නේ. trauma response එකක් විදිහට. ඒත් මෙතන තිබුණු ප්‍රශ්නේ තමයි ඒ පිළිගැනීම නොලැබුණු වෙලාවට මම සෑහෙන දරුණු toxic responses දීපු එක. මගේ වටේ ඉන්න අයටත් වඩා මට ම. අන්න එතන තමයි මම වැරදියට තෝරගත්තු තැන.

ඔහොම ඉඳපු මම කොහොම කොහොම හරි නොදන්නා රටක නොදන්නා පැත්තක නොදන්නා මිනිස්සු අතරේ අවුරුදු 4ක් ගෙවන්න ආවා. හේතුව ඒකම කියලා හරියට කියන්න බැරි වුණත් මගේ ජීවිතේ සම්පූර්ණ අනික් අතට පෙරලෙන්න ඒ ගමන හේතුවක් වුණා. පහු ගිය අවුරුද්ද ඇතුලේ මගේ ජීවිතේට අලුත් මිනිස්සු මුන ගැහුණා. ජීවිතේ දිහා වෙනස් විදිහකට බලන්න පුළුවන් කියලා මට ම තේරුම් ගන්න එයාලගේ වේලාවෙන් පොඩ්ඩක් මම වෙනුවෙන් වෙන් කරපු මිනිස්සු. මට කියන්න තිබුණු ඔළුවට බරයි කියලා හිතුනු කතා හෙමින් සීරුවේ අහන් හිටපු මිනිස්සු. සමහර වෙලාවල් වලදී එයාලගේ ජීවිත වල ඊට වඩා ලොකු, බර, දුක හිතෙන දේවල් තියෙද්දිත් මම වෙනුවෙන් වේලාව තිබුණු මිනිස්සු.

එහෙම මිනිස්සු වට කරගෙන මම ලොකු වුණා. අවුරුදු 25 දී ජීවිතේ මොකක් හරි ඉලක්කයක් හඹාගෙන ගිහින් ඒක දිනාගත්තා ම සතුටු වෙන්න පුළුවන් කියලා හිතාගෙන හිටපු මම, අවුරුදු 29 දී සතුට කියන්නේ තනිකරම මේ මොහොතේ පැටලිලා තියන දෙයක් සහ ඒක අපේ තෝර ගැනීමක් කියලා හිතන්න පුළුවන් වෙන තරමට ලොකු වුණා.

මේ දවස් වල මෙහෙට ගෙවෙන්නේ සරත් කාලේ. ගස් වල කොළ ඔක්කොම එක එක පාට වැටිලා පුදුම ලස්සනයි. උදේට යද්දී පායන ඉරේ එළියයි, හවසට එද්දී බහින ඉරේ එළියයි වැටිලා රත්තරන් පාට වෙච්ච ගස් දිහා බල බල යන එන එක මට සතුටක්. හවසට ඉර බහිද්දි අහස අමුතු විදිහට පාට වැටෙන එකයි, ඒ පාට හැමදාම එකම නොවෙන එකයි මට සතුටක්. තව සතියකින් අපි එකතුවෙලා pumpkin carving කරනවා කියලා මතක් වෙන එක මට සතුටක්. මගේ යාළුවා Katie වෙලාවක් කලාවක් නැතුව එයා winter එක එනකම් මග බලන් ඉන්න බව මතක් කරන එක මට සතුටක්.

ඒ වගේ පුංචි දේවල් අතරේ ලොකුවට සතුටු වෙන්න පුළුවන් දේවලුත් තියනවා. අද හවස හම්බ වුණු මගේ mentee, “I’m so glad I met you; I have a lot of questions. But you have to go. I’ll have to leave too. I’m excited to getting to know better,” කියලා මට කියද්දි ඒ ලොකු සතුටක්.

කලින් කිව්ව විදිහට මේ ඔක්කොම දේවල් මට තේරුම් ගන්න උදව් කරපු අය කවුද? ඒ තමයි මගේ අය. My people.

කොයි තරම් දුරක හිටියත් හැමදාම ළඟ ඉන්න අම්මා, අප්පච්චී.

යන තැනක photo එකක් එවන ගමන්, “අනේ ඔයත් හිටියා නම්,” කියන, එයාගේ ජීවිතේ වෙන අලුත් දේවල් ඉස්සෙල්ලම මට කියනවා කියන නංගි,

හරියටම මුහුදු හතටම එහා ඉඳලත් ළඟ ඉන්නවා වගේ දැනෙන යාළුවෝ, when they say, “seeing you grow makes me happy,” or “your people, we are,”

ඉස්කෝලෙ යන කාලේ ඉඳලා මොන දේ වුණත් මාව කර උඩ තියන් යන්න බලන් ඉන්න උන් දෙන්නා (ඒ තමයි මට හම්බුනු මුල්ම යාළුවෝ දෙන්න)

ලෝකේ ඉන්න හොඳම professor (මේක නං ඕන තැනක කියන්න මම බය නෑ, එයාගෙන් එක අවුන්සයක් වත් හොඳ වෙන්න මට පුළුවන් වුණොත් ලොකු දෙයක්)

Labmate කෙනෙක් විතරක් නොවී, ජීවිතේට හොඳ යාළුවෙක් වුණු Katie (ඇත්තටම මට මාව හොයාගන්න ගොඩක් ම උදව් කරපු කෙනෙක් ඒ)

මේ පුංචි town එකේ මට හම්බුනු හොඳම මිනිස්සු ටික,

මේ මුළු කාලේම ඔයාලා කලේ මට මාව හොයාගන්න උදව් කරපු එක. ඒකට මට ඔයාලා හැමෝටම දෙන්න පුළුවන් ලොකුම දේ තමයි සතුටින් ඉන්න තෝරාගන්න එක.

ඒ නිසා, I promise you, from now on I choose to be happy. Really, really happy. I will continue to choose it over and over again.

PS. One time, at the end of a heavy conversation, I told my boss, “I don’t know, I’m a little crazy in the head. Maybe I’ll become one of those crazy scientists,” and he said, “Naya, be crazy. That’s good. But, most of all, be a happy crazy scientist.”

Little did he know that one year later, I am becoming one.

PS. This was written on 18th October, 2023.

--

--