— මිනිත්තු “තුනේ” කතාව —

Nayanathara
4 min readNov 8, 2023

--

Lately, I’ve been a little too daring with my life choices. එහෙම කිව්වොත් හරි. හැමදාම එහෙම තමයි වුණාට පහුගිය දවස් ටිකේ වැඩියෙන් ම වුනේ exciting දේවල්.

3MT competition ගැන පළවෙනියට ම උනන්දුවක් ඇති වුණේ මගෙ graduate school chapter එක පටන් ගන්නත් කලින්, facebook එකේ ම Supuni Dhameera Silva (සුපී) අක්කගෙ පෝස්ට් කිහිපයක් දැකලා. එයා එයාගෙ 3MT කතන්දරේ හරි ලස්සනට විස්තර ඇතුව පියවරෙන් පියවර කියල තිබ්බ හැටි දැක්ක ම ආසයි.

ඊට පස්සේ ගිය අවුරුද්දේ (ඊට කලින් අවුරුද්දෙ ද මන්දා) Nisitha අයියා 3MT competition ගිහින් දිනපු හැටිත් දැක්ක ම නං හිතුණා මමත් ළඟදි ම 3MT competition එකකට යනව කියලා.

ඔහොම කාලයක් ගතවෙලා මේ අවුරුද්දෙ සැප්තැම්බර් මාසෙ අපේ graduate college එක 2023 3MT competition එක ගැන පළවෙනි නිවේදනය දුන්නා.

ආය මොනවද! පැනල ඇප්ලයි කලේ, පැනලා!! හදිස්සියෙ තරම කියන්නේ හැම දෙයක් ම කරන්න කලින් “ලෝකෙ ඉන්න හොඳම professor” ට කියල නිකම ට හරි අදහසක් ගන්න මම මේ සිද්ධිය කිව්වෙ ඇප්ලයි කලාට පස්සේ.

කොහොම හරි වැඩේ ට ලෑස්ති වෙන්න මාසයක් විතර තිබ්බා. මුලින් ම තිබුණු අභියෝගය තමයි මගෙ research එක උපතින් ම පොඩ්ඩක් තේරුම් ගන්න අමාරු එකක් වුණු එක. මම හරියට ම කරන්නෙ මොකද්ද කියල දන්නෙ Boyce (aka, ලෝකෙ ඉන්න හොඳම professor aka මගේ බොස්) සහ මම විතරයි (වෙලාවකට අපි දන්නෙත්නෑ). අනික් එක තමයි මම කරන දේ ඇප්ලයි වෙන තැන් වල impact එක cancer treatments වගේ impact එක සෘජු ව පේන එකක් නෙවේ.

දැන් competition එකට දාලා නිකං ඉන්නත් බෑ. ටිකක් බැලුවා. පොඩියට pitch එකකුත් හදාගෙන ලොක්ක හම්බ වෙන්න ගියා ආයෙ ම. එයා බලල කිව්වා, “Naya, අපි මේක නොදන්න කෙනක් ට දැනෙන්න කියනව නං එයාලට දැනෙන දේකින් කියමු, අපි කතා කරමු ලාබෙට iPhone එකක් හදන්න ඔයාගෙ research එක උදව් වෙන විදිහ ගැන,” කියලා.

ඔහොම තමයි අන්තිමට මම iPhone එකක production cost එක අඩු කරන්න sub nano level එකේ තියන polymer patterns, advanced lithography masks විදිහට යොදා ගන්න පුළුවන් වෙන එක ගැන විනාඩි තුනක් කතා කලේ.

3MT කතාවක් කරනව කියන්නෙ ම අවුරුදු හතරක විතර research එකක් හරි, අවුරුදු හතරක research plan එකක් හරි බොහොම කෙටියෙන් non expert කෙනෙක් ට කියල දෙන එක. අපි කරන research වල cool factor එක උළුප්පලා පෙන්නන එක. ඒක ලොකු අභියෝගයක්. හැබැයි ඒ වගේ ම හරි ආස හිතෙන වැඩක්. Scientists ලා researchers ලා ගොඩ දෙනෙක් ට තියන ප්‍රශ්නයක් තමයි තමන් කරන දේ මොකද්ද කියල තව කෙනෙක් ට තේරුම් කරන්න බැරි වෙන එක. ඒ හැකියාව තියන කෙනෙක් ට නං පුංචි ම research එකක වුණත් impact එක ලස්සනට පෙන්නන්න පුළුවන්. 3MT කියන්නෙ ම research කියන්නෙ exciting දෙයක් කියල පෙන්නන තැනක්.

ඊයෙ මගේ preliminary round එකේ තිබුණු හැම කතාව ම එකකට එකක් දෙවනි නෑ. අපේ judges ලා අන්තිමට කිව්වා,

“We know it’s against the rules to give a feedback but you all did a wonderful job. Thank you for making it really difficult for us to choose the winner,” කියලා.

අපි තවම දන්නෙ නෑ කව්ද දිනුවෙ කියල. ඒත් මට නං competition එක පටන් ගත්ත තැන ඉඳල ම හිතෙන්නෙ ඒ මුළු journey එක ම දිනුමක් විදිහට. පළවෙනි දේ, මේක කරන්න මට මගෙ comfort zone එකෙන් ගොඩක් එළියට යන්න වුණු එක. එහෙම තැනක ඉඳගෙන වුණත් මේක අන්තිම වෙනකං ඇදගෙන ගිය එක. හොඳ ම දේ අන්තිමට මේක ඉවර වෙලා යනකොට මාත් එක්ක ම තරඟ කරපු මට වැඩිය ගොඩක් අත්දැකිම් තියන, අවසන් වසර PhD student කෙනෙක් ලඟට ම ඇවිත් කතා කරල මගෙ research එක ගැන හරි ම උනන්දුවෙන් විස්තර අහපු එක. මගෙ එහා පැත්තෙ ඉඳගෙන උන්නු James ට මම කිව්වා, “I’m just here for the fun,” කියලා. එයා ට මම පොඩියට තරඟෙට කලින් මගෙ කතාව කිව්ව ම එයා කිව්වා, “I think you just won the 3MT. You explained your research under 2 minutes

and I get the idea.” කියලා.

ඇත්තට ම මේකට ගියෙ ආසාවට. නැති වෙන්න දේකුත්, ලැබෙන්න දේකුත් නැති තැනක මම කලින් කිව්ව වගේ fun එකට ගියපු එකක්. හැබැයි fun වගේ ම සෑහෙන exciting interactive වැඩක් වෙලයි නැවතුණේ.

මේකට යන්න කලින් අපි කතා කරද්දි Boyce කිව්වා, “leave something to the audience, Naya. Doesn’t matter if you win or not. If you left something to the audience, that’s the real win there. People will talk about “the iPhone girl,”” කියලා. මං හිතන්නෙ මම එයා කියපු දේ කලා.

I think I left something to the audience.

I really had too much fun and left the room as a happy kid.

තරඟෙට කලින් දවසෙ කතා කරල කල් ඇතුව practice කරන්න කියල උපදෙස් දීල ඒක අහන්නැතුව රෑ දෙගොඩහරිය වෙනකං practice කරද්දි මට හිනා වුණු Chanuka ටයි, තමුසෙ ඔය මොකද්ද කරන්න හදන්නෙ, ගිහින් නිදාගනින් මෝඩයෝ…! ඔහොම කොහොමද හෙට යන්නෙ කියල බැනල, I know you can do this, good luck! කියපු Sajeewa ටයි, ඉදිකට්ට පස්සෙ එන නූල් කෑලි දෙක වගේ ආපු දවසෙ ඉඳන් මට හැම එකට ම උදව් කරන Heshani, Isuru දෙන්නටයි thank you! 💛🥹 I love you all and you’re my rock!

Oh, and Shamila I’ll make my life’s mission to make a cheaper iPhone for you! 😆😝

Here’s to another 3MT competition to look forward to 😄

-written on Facebook, on 26th October 2023

--

--